Thursday 18th of June 2026

English Tamil
Advertiesment


මුම්බායි හි වර්ෂාවෙන් 31ක් මරුට


2021-07-20 14917

 

(හේමන්ත තුසිත කුමාර)

 

ඉරිදා(18) ඉන්දියාවේ මුම්බායි නගරයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇත. නායයෑම් හේතුවෙන් මෝටර් රථ හා නිවාස බොහොමයක්ද ඇතුළුව විශාල දේපළ හානි සිදුව ඇත.

ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චෙම්බූර්හි පුද්ගලයින් 21 දෙනෙකු ද  වික්‍රෝලි නගරාසන්නයේ 10 දෙනෙකු ද මිය ගිය බව ඉන්දියාවේ ජාතික ආපදා පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් සත්‍ය ප්‍රදාන් පවසයි. දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා කම්කරුවන් මඩ හා සුන්බුන් අතර සෝදිසි කරමින් රාත්‍රිය පුරා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදී. බොහෝ ස්ථානවල ගිගුරුම් සහිත වැසි දිගටම පවතින බව වාර්තා වේ.

 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කල අතර මෝදි ට්විටර් පණිවුඩයක ලියා ඇත්තේ  “මුම්බායි හි චෙම්බූර් සහ වික්‍රෝලි ප්‍රදේශ වල තාප්ප කඩා වැටීම නිසා ජීවිත අහිමිවීම ගැන කනගාටුයි.මේ ශෝකජනක පැය තුළ, මගේ සිතුවිලි වියෝ දුකින් පෙළෙන පවුල් සමඟ ය." යනුවෙනි.

සඳුදා උදෑසන ඉන්දීය වේලාවෙන් අවසන් වූ පැය 24 තුළ මුම්බායි හි ගුවන් තොටුපල අවට ප්‍රදේශයේ  මිලිමීටර් 250 (අඟල් 9.8) ක වර්ෂාපතනයක් වාර්තා විය.

මිලියන 12 ක ජනගහනයක් වෙසෙන මුම්බායි හි ජූලි-සැප්තැම්බර් මෝසම් සමයේදී නිරන්තරයෙන් අධික වර්ෂාපතනයක් ලැබේ. වර්ෂාව බොහෝ විට ගොඩනැගිලි කඩා වැටීම් වැඩි කරයි. විශේෂයෙන් දුප්පත් ජනයා වෙසෙන දිස්ත්‍රික්කවල නීති විරෝධී, දුර්වල ලෙස ඉදිකර ඇති නිවාස මෙහිදී වැඩි හානියට ලක් වේ.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ අධ්‍යයනයකට අනුව 2005 දී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඇති වූ ගංවතුරෙන් පුද්ගලයින් 1000 කට වැඩි පිරිසක් මිය ගියහ. 

Advertiesment